2023– 2024 ශ්රී පාද වන්දනා වාරය ආරම්භයට සමගාමීව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්රී පාද රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්රතිමාව සහ දේව ආභරණ ශ්රී පාද උඩ මළුව දක්වා වැඩම කරවීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
සතර පෙරහැරක් ඔස්සේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්රතිමාව උඩ මළුව දක්වා වැඩම කරවීම අද (25) අලුයම ආරම්භ කළ බව වාර්තා වේ.
හෙට (26) අලුයම වන විට ඒවා ශ්රී පාද උඩ මළුව දක්වා වැඩම කරවීමෙන් පසු 2023– 2024 ශ්රී පාද වන්දනා වාරය හෙට දින එනම් උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වීමට නියමිත බව සදහන්.