සති දෙකකට බාර් වැසේ.

එළඹෙන ජුනි 19 වැනි දා සිට ජුලි 04 වැනි දා දක්වා කාලය අතරතුර කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී ඇති බවට වාර්තා වේ.

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය පැවැත්වෙන කාලය තුළ ඇසල උත්සව භුමිය මතින් තොර කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

ඌව පළාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කණ්ඩායම් ඇසළ උත්සව භූමිය සහ අවට ප්‍රදේශවල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇති බව සදහන්.

Exit mobile version