ලෝකයේ තිබෙන සුපිරිම වැඩිහිටි නිවාසය දියවන්නා ඔයේ තිබෙන පාර්ලිමේන්තුව බවට මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
වැඩිදුරටත් උන් වහන්සේ දැක්වූ අදහස්,
” ඒකේ ඉන්නේ ඔක්කොම වැඩිහිටියෝ. පොඩිහිටියෝ කවුරුත් නෑ. ඒ අය කරන කියන හැමදේම සජීවීව විකාශය කරනවා.
ඉතින් ඒ අය උත්තරීතර කියන පාර්ලිමේතුවට ගිහින් කතා කරන්නේ මී හරකා , කරවලයා, බකමූණා, හිකනලා, කලවැද්දා, ගලිබවුසර් වගේ කතා ….
මේ හැමදේටම ඒ අය පාර්ලිමේන්තුවට යවපු අපිත් වග කියන්න ඕනේ “