ගෙවුණු සතිය පුරා අමෙරිකාවට බලපෑම් එල්ල කළ හිම කුණාටු තත්ත්වය ආශ්රිත අනතුරුවලින් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඉන් වැඩිම මරණ ගණනක් ටෙනිසි සහ ඔරිගොන් ප්රාන්තවලින් වාර්තා වී ඇති අතර ඉලිනොයිස්, පෙන්සල්වේනියා, මිසිසිපි, වොෂින්ටන්, කෙන්ටාකි, නිව්යෝර්ක්, ඇතුළු තවත් ප්රාන්තවලින් ද මරණ වාර්තා වී තිබිණි.
අධික හිමපතනය හේතුවෙන් රටපුරා කලාප රැසක විදුලිය බිඳවැටී අතර, පවතින දැඩි සීතල හමුවේ පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව සිටී.
පවතින අධික හිමපතනය සහ සීත සුළං තත්ත්වය මේ සතිය තුළත් පවතිනු ඇති බව අපේක්ෂිතය.