පැහැරගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමුවෙයි.

ඔක්තෝබර් 7 වනදා හමාස් සාමාජිකයින් විසින් පැහැරගෙන යනු ලැබූ ප්‍රංශ ජාතික තරුණයෙකුගේ ගේ සිරුර හමුවී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල – ගාසා දේශසීමාව ආසන්නයේ පසුගිය ඔක්තෝබර් 7 වනදා පැවති “Supernova” සංගීත උත්සවය නැරඹීමට පැමිණ සිටියදී Elia Toledano ව පැහැර ගෙන ගොස් තිබේ.

ඔහු මියගියේ කෙසේද? කවදාද? යන්න පිළිබඳව විස්තර හෙළිකර නොමැත.

Elia Toledano ව පැහැරගත් අවස්ථාවේදී ඔහුගේ මිතුරිය Mia Schem ද හමාස් සංවිධානය විසින් රැගෙන ගොස් තිබූ අතර නමුත් ඇයව දෙසැම්බර් 01 වනදා නිදහස් කර තිබූ බව සදහන්.

Exit mobile version