අතුරුදහන් වූ පුද්ගලයාගේ මළ සිරුර හමුවේ.

සිව් දිනක් තිස්සේ අතුරුදහන් වී සිටි හැටන් ලංගම ඩිපෝවේ පොම්පකරු ගේ සිරුර බොක්කුවක් යට තිබීය දී අද (03) සොයාගෙන ඇති බව වාර්තා වේ.

හැටන් පොලිස් වසමට අයත් ෂැනන් තේ වත්තෙහි තිබී මෙම පිරිමි පුද්ගල මළ සිරුර හමු වුණු බවට හැටන් පොලීසිය වාර්තා කර තිබේ. 

මිය ගොස් ඇත්තේ, හැටන් ෂැනන් වත්තේ පදිංචි රාමයියා මනෝහර් නමැති (49) හැවිරිදි තිදරු පියෙකි.

මරණකරු හැටන් ලංගම ඩිපෝවේ පොම්පකරුවෙකු වශයෙන් සේවය කළ අයෙකු බවත් මරණකරු සිව් දිනක් තිස්සේ සේවයට වාර්තා කර නොතිබුණු බව සදහන්.

ඒ පිළිබඳ මරණකරු ගේ බිරිඳ විසින් හැටන් පොලීසියට පැමිණිල්ලක් කර, එම වතුයායේ වතු කම්කරුවන් සමඟ එක් ව සොදිසි මෙහෙයුමක් ද දියත් කර තිබුණි.

මළ සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයා ගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවට හැටන් පොලීසිය වාර්තා කරයි.

Exit mobile version