දී ඇල් ඔයේ ගසා ගෙන ගිය යුවළගෙන් තරුණියගේ සිරුරත් හමුවේ.

පෙරේදා (07) දින අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගොස් 19 හැවිරිදි යුවළක් දියේ ගසා ගෙන ගොස් තිබූ අතර එම යුවළගෙන් තරුණයාගේ මළ සිරුර ඊයේ (08) පස්වරුවේ සොයා ගෙන තිබුණි.දියේ ගසා ගෙන ගොස් අතුරුදන්ව සිටි තරුණියගේ මළ සිරුර ද අද (09) දී ඇල් ඔයේ වියලගොඩ ප්‍රදේශයේ කටු අකුලක රැදී තිබියදී සොයා ගත් බව වාර්තා වේ.

තරුණයාගේ මළ සිරුර මෙම යුවළ ජල පහරට ගසා ගෙන ගිය ස්ථානයේ සිට කිලෝ මීටර් එක හමාරක පමණ දුරින් තිබියදී සොයා ගත් අතර තරුණියගේ මළ සිරුර තරුණයාගේ මළ සිරුර සොයා ගත් ස්ථානයේ සිට මිටර් 300ක් පමණ ඉහළින් තිබියදී සොයා ගත් බව සඳහන්.

මෙම යුවළ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි යුවළක් බව ද වාර්තා වේ.

Exit mobile version