වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පාන් ආඥා පනත වලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පතක් සම්පාදකට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.
පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට , නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි අයුරින් විධිවිධාන ඇතුළත් කර 1864 අංක 13 දරණ පාන් ආඥා පනත පනවා තිබූ නමුත් පාරිභෝගික පනතේ ඇතැම් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී පාන් ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමඟ ගැටලු පැන නැගෙන අවස්ථාවන් වාර්තා වීම හේතුවෙන් මෙලෙස එම පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොමති බව හදුනාගෙන තිබේ.