නංගීව කෙළෙසූ අයියා දැලේ.

යාපනය අච්චුවේලී ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක්ව 22 හැවිරිදි ඇයගේම වැඩිමහල් සහෝදරයා විසින් දූෂණය කර ඇයව ගැබිණියක් කළ චෝදනාව මත  මෙම 22 හැවිරිදි සැකකරු දින 14 ක් සදහා   රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (19)  නියෝග කළ බවට වාර්තා වේ..

මෙම සැකකරු විසින් තරුණියගේ දරුගැබ විනාශ කිරීම සදහා යාපනය අච්චුවේලි රෝහලට ගිය අවස්ථාවේ වෛද්‍යවරු විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇත.

මෙම සැකකරුවා රෝහල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අච්චුවේලි පොලීසියට භාර දී ඇති අතර 18 හැවිරිදි තරුණිය පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර අධිකරණ වාර්තාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින්  නියෝග කර ඇති බව වාර්තා වේ.

Exit mobile version