අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අදින් ආරම්භ වී දෙසැම්බර් 13 වනදා දක්වා දින 19 ක කාලයක් පැවැත්වෙන බව වාර්තා වේ .
ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 13 වනදා පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.
ඊයේ (21) දින අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර එය වැඩි ඡන්ද 45 කින් සම්මත විය.