අද (21) දින අලුයම හොරණ රත්නපුර මාර්ගයේ බොරළුගොඩ ආයෝජන ප්රවර්ධන කලාපය ඉදිරිපිටදී රත්නපුර සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් හිටි හැටියේ ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තාවේ.
ගිනි ගත් බස්රථය හොරණ බොරළුගොඩ ආයෝජන ප්රවර්ධන කලාපය ඉදිරිපිට බස් නැවතුම් පලේ නවතා තබා මගීන් බසයට නංවා ගනිමින් සිටියදී බස් රථයේ එන්ජිම කොටසින් ගින්න හට ගෙන ඇති බවත් මගීන් ඒ අවස්ථාවේ බස්රථයෙන් පිටතට පැමිණ ඇති බවත් පොලීසිය සදහන් කරයි.
බස්රථය අනතුරට පත්වන අවස්ථාවේ මගීන් 40 ක් පමණ පිරිසක් ඒ තුල සිට ඇති අතර කිසිවෙකුටත් එහිදී අනතුරක් සිදුවී නොමැති බව පැවසේ.