පෙරපාසල් ගුරුවරිය හප්පා කට්ටි පැන්න ව්‍යාපාරිකයා අත්අඩංගුවට .

කැස්බෑව , හල්පිට ප්‍රදේශයේ පදික මාරුව මතින් ගමන් කරමින් සිටි පෙර පාසල් ගුරුවරියක හප්පා මරණයට පත් කර පලා ගිය මෝටර් රථ රියදුරු වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

ඉකුත් 5 වනදා කැස්බෑව , හල්පිටිය ප්‍රදේශයේ එම අනතුර සිදු වූ ස්ථානය අසල සිටි පුද්ගලයෙකු මෝටර් රථයේ ලියාපදිංචි අංකයේ අවසන් අංක 4 කොළ කැබැල්ලක ලියා වෙළෙඳ සැළකට ලබාදී තිබියදී ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම මෝටර් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ එකක් බවට හඳුනා ගෙන තිබේ .

අනතුරුව එහි ලියාපදිංචි අයිතිකරු හඳුනාගෙන ඔහු එය කුලී පදනම මත ලබා දී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එය කුලියට ලබා ගෙන තිබූ ව්‍යාපාරිකයා පොලීසියට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අතින් මෙම අනතුර සිදු වූ බවට පිළිගෙන තිබේ.

Exit mobile version