දැරියන් දෙදෙනෙකුට හදි කළ ව්‍යාපාරිකයා රක්ෂිතයට.

බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනයට ලක්කළ ව්‍යාපාරිකයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කර තිබෙන බව වාර්තා වේ .

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 57 හැවිරිදි වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බව සඳහන් .

අපයෝජනයට ලක්වූ දැරියන් දෙදෙනා 8 හා 10 හැවිරිදි වියේ පසුවන අතර සැකකාර ව්‍යාපාරිකයා විසින් දැරියන් දෙදෙනා හට ටොෆි චොක්ලට් ලබාදී රවටා මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ .

Exit mobile version