“කැබිනට් අනු කමිටුව ඇමතිට සහය දෙන්න සූදානම්.” – කංචන

ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්වීම් සම්බන්ධයෙන් අදහස් ලබා ගෙන යෝජනා ඉදිරිපත් කරමින් ක්‍රීඩා ඇමති වරයාට සහාය දීමට කැබිනට් අනු කමිටුව සූදානම් බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කළේ කණ්ඩායම හෝ පුහුණු කරුවන් තෝරන්න නොවේ යැයි විජේසේකර මහතා පවසයි.

කංචන විජේසේකර මහතා මෙසේ ද ප්‍රකාශ කර තිබේ.

“ලෝකයේ අනෙකුත් කණ්ඩායම් වලට සාපේක්ෂව ලංකාවේ තරුණ ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා.ඔවුන්ට තරග කරන්න වෙලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ  කණ්ඩායම් එක්ක.ඒ ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම් කුසලතා මෙන්ම අපේ කණ්ඩායමේ අත්දැකීම් ගැන සලකා බැලිය යුතුයි.”

Exit mobile version