පැපුවා නිව්ගිනියාවේ අගනගරය යුද පිටියක් වෙයි.

පැපුවා නිව් ගිනියා අගනගරය වන පොර්ට් මොරෙස්බි හි හටගත් ගැටුම් සහ කොල්ලකෑම් හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

වැටුප් සම්බන්ධයෙන් ඇතිවූ මතබේදයක් හේතුවෙන් එරට පොලීසිය වැඩ වර්ජනයක් කර ඇති අතර එම තත්ත්වයෙන් අනතුරුව මෙම ගැටුම් ඇතිවී ඇති බවට විදෙස් මාධ්‍ය පැවසීය.

කඩ, සුපිරි වෙළෙඳසැල් මංකොල්ලකමින් වාහන ගිනි තියමින් නගර වැසියන් කලහකාරී ලෙස හැසිරෙන බව වාර්තා වෙයි.
 
අනතුරුව අග්‍රාමාත්‍ය ජේම්ස් මරාපේ ජාතිය අමතමින් පැවසුවේ නීතිය ට පිටුපා කටයුතු කිරීම නොඉවසන බවයි.

මේ වනවිට තත්ත්වය පාලනය සඳහා හමුදාව කැඳවා ඇති අතර කලහකාරී තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙතැයි අගමැතිවරයා පවසා තිබේ.

Exit mobile version