වඩු කාර්මිකයා වහළයෙන් වැටී මරුට.

බුලත්සිංහල දෙනිකඩේ හංදිය ප්‍රදේශයේ නිවසක වහලය සැකසීමට ගිය වඩු කාර්මිකයෙකු වහලෙන් ඇද වැටී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ දැරණියගල පදිංචි විවාහක පුද්ගලයෙකු වන නෙලුවතුකන්ද ගමරාලලාගේ බුද්ධදාස නැමැති (50) හැවිරිදි වඩුකාර්මිකයෙකි.

මෙම පුද්ගලයා නිවසේ වහලය සකසමින් සිටියදී ඉන් බීමට ඇද වැටී තුවාල ලබා ඇති අතර තුවාල කරු බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් සිටි බවට පොලිසිය පවසයි.

Exit mobile version