පෙනහැල්ලෙන් මතු වූ කැරපොත්තා.

පුද්ගලයෙකුගේ පෙනහැල්ලකින් කැරපොත්තෙකු පිටතට ගැනීමට කේරළයේ රෝහලක වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වී ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයාට දරුණු ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වීම හේතුවෙන් කේරළයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර එහි දී වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කර බැලීමේ දී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාගේ පෙනහළුවලට කැරපොත්තෙක් වැනි සත්ත්වයෙක් ඇතුළු වී ඇති බවයි.

ඒ අනුව රෝගියාගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුල් කළ නළයක් හරහා මෙම සත්ත්වයා ශරීරයෙන් පිටතට ගැනීමට එම වෛද්‍ය කණ්ඩායම සමත් වී තිබේ.

අදාළ රෝගියා මේ වන සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි

Exit mobile version