ඉඩම් ආරවුලක් සම්බන්ධව ඇතිවු බහින් බස්වීමකින් පසු තම සහෝදරියට විසි කැත්තකින් පහර දී තුවාල සිදුකිරීමේ චෝදනාවට පොලිස් කොස්තාපල්වරයෙකු පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝල පොලීසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පල්ලම, තිඹිරිගොල්ල ප්රදේශයේ පදිංචි සහෝදරිය සමග ඇති වූ ඉඩම් ආරවුලක් හේතුවෙන් එලෙස කැත්තකින් පහර දී තුවාල සිදුකර ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
පොලිස් කොස්තාපල්වරයාගේ ප්රහාරයට ලක්ව එක් අතක් තුවාල වී සිටි ඔහුගේ සහෝදරියව පල්ලම පොලීසිය විසින් හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අද (05) ආණමඩුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
පල්ලම පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.