බීමතින් යතුරු පැදියක් ධාවනය කර අනතුරක් සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු ත්රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්රිකුණාමලය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
ත්රිකුණාමලය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී තවත් යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර මෙම සම්බන්ධයෙන් ත්රිකුණාමලය පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.