අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු අධිකරණයට රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේ පලා ගොස් දියට පැනීම හේතුවෙන් ඔහු ලුහුබැඳ ගිය පොලිස් කොස්තාපල්වරයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ .
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ජා-ඇල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරු අධිකරණයට රැගෙන යාමට පොලිස් රථයට නංවා ගැනීම සඳහා රැගෙන එමින් සිටියදී මෙලෙස පලා ගොස් ඇති අතර එම අවස්ථාවේ දී අත් මාංචු ද සමඟ සැකකරු පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඇලට පැන පලා යාමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අල්ලා ගැනීමට ඇළට පැන ලුහුබැඳ ගොස් තිබේ .
එලෙස ඇලට පැන ඇත්තේ ජා-ඇල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටි වයස අවුරුදු 26ක් වූ පොලිස් කොස්තාපල්වරයෙක් වන අතර මොහු අවිවාහකයෙකි. එමෙන්ම මෙම පොලිස් නිලධාරියා චාවකච්චේරි ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පලායාමට සුදානම් වූ සැකකරු අනෙකුත් නිලධාරීන් විසින් යළි අත්අඩංගුවට ගෙන තිබෙන බව ද වාර්තා වේ .