ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 2 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (13) ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.
මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට මෙම චෝදනාව එල්ල වී තිබේ