දියණිය මවගේ ගෙළ සිර කරලා.

සිය මවගේ ගෙළ සිරකර ඝාතනය කර ඇය ඖෂධ අධි මාත්‍රාවක් පානය කර දිවි නසා ගත් බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ යැයි කියන එම කාන්තාවගේ 16 හැවිරිදි බාල වයස් කාර දියණිය දිවුලපැලැස්ස පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ දිවුලපැලැස්ස රොටවෙල නව ගම්මානයේ පදිංචිව සිටි රාජසිංහ ආරච්චිලාගේ චන්ද්‍රාවති නැමැති 47 හැවිරිදි කාන්තාවකි.

මහියංගනය රෝහලේ සායනයකට ගොස් මවගේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගන්නා බවත් එම රෝහල මගින් ලබාදෙන ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් පානය කර මව සිය දිවි නසාගෙන ඇති බවට සැක කරන බවටත් සඳහන් කරමින් ඇයගේ 16 හැවිරිදි දියණිය දිවුලපැලැස්ස පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

නමුත් කාන්තාව මියගොස් ඇත්තේ ඇයගේ ගෙළ සිර කිරීමෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ සදහන් වීමත් සමඟ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය ඇයගේ දියණිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සිදුවීම හෙලි වූ බවට පොලීසිය පවසයි.
 

Exit mobile version