රුවැති මවගේ මරුවා හෙයාර් අයන් එකෙන් එයි.

විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවක ට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටී කාන්චනා සුභාෂිණි ලොකුහේවගේ නැමැති 30 හැවිරිදි කාන්තාවකි.

ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කළමනාකරණ සහකාර නිලධාරිනියක් ලෙස කාලයක් සේවය කර ඇති සුභාෂිණි මහත්මිය දරුවා ලැබීමෙන් පසු සේවයෙන් ඉවත් වී ඇත.

ඇය අවුරුදු තුනක දියණියකගේ මවක් වන බව සදහන්.

Exit mobile version