හෙද සේවයේ ශ්‍රේණි හතරක විශ්‍රාම වයස ගැන අධිකරණයේ තීන්දුව .

රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය බලරහිත කරමින් සහ දැනටමත් විශ්‍රාම ගන්වා තිබෙන අදාළ ශ්‍රේණිවල නිලධාරීන් යළි සේවයට එක්කර ගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ .

Exit mobile version