ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
කණ්ඩායම තේරීම සිදුකළේ කුමන පදනමකින්ද යන්න මෙහිදී විමසන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.
ධනංජය ද සිල්වා තරගයෙන් ඉවත් කර ඒ වෙනුවට දුෂාන් හේමන්ත කැඳවීම ද ගැටලු සහගත බවට ඔහු ප්‍රකාශ කර තිබේ.
මෙම කරුණු පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳවද කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සදහන්.