කුලී ගමනක් යන මුවාවෙන් ත්රීරෝද රථයක් රැගෙන ගොස් බඩට සහ පපුවට පිහියකින් ඇන ත්රීරෝද රථය පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
පහරකෑමට ලක්වූ ත්රීරෝද රථ රියදුරුගේ පවුලේ සාමාජිකයින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇත.
වාද්දුව තල්පිටිය ලෝලුගස්මංකඩ හන්දියේ දී ඊයේ රාත්රි එක් පුද්ගලයකු ත්රීරෝද රථයට ගොඩවී කුලී ගමනක් යාමට කතිකා කරගෙන ඇති අතර , අතර මගදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු එයට ගොඩවී ඇති බව සදහන් .
රථය පින්වත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ දී ත්රීරෝද රථ රියදුරුට රථයෙන් බැසයන ලෙස අණකර ඇති අතර , එය ප්රත්ක්ෂේප කිරිම හේතුවෙන් එක් අයෙක් ඉනේ සගවාගෙන සිටී පිහියක් ගෙන ත්රීරෝද රථ රියදුරුට උදරයට සහ පපුවට පිහියෙන් ඇන පලාගොස් ඇති බව සදහන් වේ.
පහරකෑමට ලක්වූ ත්රීරෝද රථ රියදුරු පානදුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවට රෝහල් ප්රකාශකයෙක් ප්රකාශ කර තිබේ.