පොලිස් සැරයන් අනතුරට ලක් කළ රියදුරු අත්අඩංගුවට .

ඊයේ (06) රාත්‍රී 9.15ට පමණ මාවනැල්ල නගරයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ අලුත් පාරේ රාත්‍රියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි මාවනැල්ල පොලීසියේ පොලිස් සැරයන් කොස්වත්ත මහතා බරපතළ රිය අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.

පොලිස් සැරයන් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ හෙයින් ඊයේ රාත්‍රියේම මූලික ප්‍රතිකාර දීමෙන් අනතුරුව මහනුවර ජාතික රෝහලට මාරු කර යැවූ බව සදහන්.

මොහුට මෙම අනතුර සිදුව ඇත්තේ නුවර සිට ගුවන්තොටුපල දක්වා සංචාරකයින් දෙදෙනෙක් රැගෙන ධාවනය වූ කුඩා ප්‍රමාණයේ වෑන් රථයක ගැටීමෙනි .

මෙම රථයේ ගැටෙන නිලධාරියා මීටර් විසි හතක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති බවට පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රියේදී මහනුවර ජාතික රෝහලේ දී ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව අද (07) උදෑසන ඔහු කෑගල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර සිදු කළ රියදුරා ඊයේ රාත්‍රියේ දී ම මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාවනැල්ල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

Exit mobile version