මහා මාර්ගයේ සිටි පරෙවියෙකු මෝටර් රථයකින් යටකිරීම සම්බන්ධයෙන් සැකපිට රියදුරෙකු අත්අඩංගුවට ගත් පුවතක් ජපානයේ ටෝකියෝ නුවරින් වාර්තා වේ .
මෙම සිදුවීම සම්බන්ධයෙන් 50 හැවිරිදි වියේ පසුවන කුලී රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් .
මාර්ගයේ සිටි පරෙවියන් රංචුවක් මතින් ධාවනය කර ඇති බවට ඔහුට විරුද්ධව චෝදනා ගොනුකර ඇති අතර සිද්ධිය ඇසින් දුටුවෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පැයට කිලෝමීටර් 60කට ආසන්න වේගයකින් ඔහු සිය රථය පරෙවි රංචුව සිටි ස්ථානයෙන් ධාවනය කර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇති අතර ඉන් එක් පරෙවියෙකු මියගොස් ඇති බව වාර්තා වේ .