සොරකම් කළ පුරාවස්තු දෙන්න ලන්දේසීන් එනවලු.

නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය රාජ්‍ය ලේකම් ගුණේ උස්ලුගේ නායකත්වයෙන් යුත් නෙදර්ලන්ත සංස්කෘතික දූත පිරිසක් අගෝස්තු 27 සිට 31 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ .

වාර්තා වන ආකාරයට රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරත වන්නේ මෙම වසර අගදී ශ්‍රී ලංකාවට ආපසු ලබාදෙන සංස්කෘතික පුරාවස්තුවල අයිතිය පැවරීමේ නීතිමය ලියවිල්ලට අත්සන් තැබීම සඳහා වන අතර එම පුරාවස්තූන් අතර සුප්‍රසිද්ධ ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, පිහි, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් ඇතුළත්ව තිබේ.

එමෙන්ම මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මෙරටට පැමිණෙන රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට නියමිත බවත් , මෙම භාණ්ඩවල නීත්‍යනුකූල අයිතිය පැවරීම 2023 අගෝස්තු 28 වැනි සඳුදා ශ්‍රී ලංකා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී සිදු කෙරෙන බවත් , මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ආගමික හා ලන්දේසි ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිත බවත් සඳහන් .

මීට අමතරව අගෝස්තු 29 වැනි දින සවස 04.00 ට ශ්‍රී ලංකා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී රාජ්‍ය ලේකම්වරිය විසින් මහජන දේශනයක් ද පැවැත්වේ.

Exit mobile version