මැතිවරණ කොමිෂම ලබන සතියේ යලි රැස්වෙයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ යළි රැස්වීමට නියමිත බවට වාර්තා වේ.

පළාත් පාලන තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (28) දින සැලසුම් කර තිබුණද එය දින නොමැතිව කල් දමා තිබේ.

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සදහන් කළේ, ලබන 04 වන දින කොමිෂන් සභාව යලි රැස්වීමට නියමිත බවය.

Exit mobile version