මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර තිබූ රටේම ආන්දෝලනයට තුඩු දුන් විදුලි බිල සම්බන්ධ ගැටළුව නිරාකරණය කර ගැනීම සදහා ඊයේ (19) පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාව ඉතා සාධාරණීය මට්ටමින් අවසන් වූ බව මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ මහින්ද්‍ර රත්වත්තේ මහතා පැවසීය.
කිසිදු බාධාවකින් තොරව පෙරහැර සාර්ථකව පැවැත්වීම සදහා, සියලු දෙනා එක මේසයක සිට සාර්ථක සාකච්චාවක් පැවැත් වූ බවද එම සාකච්චාවේදී ගනු ලැබූ තීරණ කඩිනමින් රජය වෙත ඉදිරිපත් කරන බවට දිස්ත්‍රික් ලේකම්වරයා පොරොන්දු වූ බව ඊට රජයෙන් සුභවාදී පිළිතුරක් කඩිනමින් ලැබෙනු ඇති බව සියලු දෙනාගේම අපේක්ෂාව බවද රත්වත්තේ මහතා පැවසීය. .
මේ අවස්ථාව සදහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා ප්රමුඛ ශ්‍රී මහා දේවාල වල බස්නායක නිළමේවරුන් , මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතා, නාගරික කොමසාරිස්වරුන් සහ පොලීසියේ ඉහළ නිළධාරින් හා විදුලි බල මණ්ඩලයේ මහනුවර ප්‍රදේශය භාර උසස් නිළධාරින් පිරිසක් එක්වූ අතර මෙම සාකච්ඡාව ආවරණය කිරීම සදහා මාධ්‍යට අවස්ථාවක් ලබා නොදීමටද දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගෙන තිබුණි