විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති අතර පෙබරවාරි මුල් සතිය වන විට විදුලිබිල අඩු කරන බවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසූ බව වාර්තා වේ.
නව ජනන සැලැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.