කෘෂිකර්මයේ දියුණුවට එමීර් රාජ්‍යයේ සහාය.

මෙරට කෘෂිකර්මය දියුණු කිරීම සඳහා සිය සහය ලබා දෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කලීඩ් අල්. අමීර් , කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වූ අවස්ථාවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

තානාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කෝපි වගාව පුළුල් කිරීම සඳහා සිය සහාය ලබා දිය හැකි බවත් , මෙරට කෝපි ලොව හොඳම සන්නාමය ලෙස ප්‍රමුඛත්වය ගන්නා බවත් ය.

Exit mobile version