කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති CCTV පද්ධතිය හරහා මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන ජනවාරි 22 වැනි දා සිට ආරම්භ කරන බවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා ඇති බව වාර්තා වේ.
එම වැරැදි සඳහා අදාළ දඩ පත්රිකා, වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වන බව ද ඔහු පවසා තිබේ.