අදට (14) යෙදී තිබෙන අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටි පිරිසක් රැගත් ත්රීරෝද රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක් වූ බවට වාර්තා වේ.
රාගම ප්රදේශයේ පදිංචි පුද්ගලයින් 04 දෙනෙකුගෙන් යුත් පවුලක් අගලවත්ත ප්රදේශයට නෑගම් යමින් සිටියදී කළුතර කටුකුරුන්ද හන්දියේදී හදිස්සියේම මෙම ගින්න හටගෙන තිබේ.
ගින්නෙන් එහි ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැති අතර ඔවුන් රථයෙන් පැන දිවි බේරාගෙන තිබේ.