විදුලි රැහැනේ පැටලී ගොවියා මරුට .

වලස්මුල්ල රාජපුරගොඩ ප්‍රදේශයේදී  අද  (6) උදෑසන විදුලි සැරවැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි  වලස්මුල්ල පොලිසිය පවසයි . 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලස්මුල්ල ,රාජපුරගොඩ ,දුරගෙදරවත්ත ලිපිනයේ පදිංචිව සිටි අබේදොලගේ ප්‍රේමදාස නමැති 64 හැවිරිදි ගොවියෙකි .

 ඔහු තම කුඹුර වල් ඌරන් ගෙන් බේරා ගැනිමට ඒ වටා විදුලි රැහැනක් ඇද තිබී ඇති අතර එය ඉවත් කිරීමට යාමේදී ඔහුට විදුලි සැර වැදී ඇති බව සදහන්.

Exit mobile version