කවිඳුට මරු කැඳවූ මාරක අනතුර.

රත්නපුර නව නගරයේ ඊයේ (11) පස්වරුවේ සිදුවූ රිය අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ පිරිස අතරින් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

අද(12) අලුයම මෙලෙස මියගොස් ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පදිංචි කවිඳු ගවේශාන් නමැති 20 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

අනතුරින් ඔහුගේ පාදයකටද බරපතළ ලෙස හානිවී තිබූ බව සදහන්.

රෝහල්ගත කළ සෙසු සිව්දෙනාගේ තත්ත්වයද මේ වනවිටත් බරපතළ බවට රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ.

අනතුර සිදුකළ මෝටර් රථය පැදවූ රියදුරු එම ස්ථානයෙන් පළාගොස් පසුව රත්නපුර පොලීසියට භාරවී තිබිණි.

ඔහු ඕපනායක හුණුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version