මිතුරා ගේ විශ්රාමික සාදයට ගොස් යලි රැකියා ස්ථානය කරා පැමිණෙමින් සිටි දෙදරු පියෙකු සේවය කරන කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී කන්ටේනර් රථයක ගැටීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
අනතුරින් මියගොස් ඇත්තේ බැල්ලපිටිය වැලිපත පදිංචිව සිටි ගුරුගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවක කැපුම් කරුවකු ලෙස සේවය කරන ඩබ්ලිව් ඒ උපාලි වීරකෝන් නැමැති 49 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය අය සේවය කරන කර්මාන්ත ශාලාවේ පුද්ගලයෙකු මීට දින කිහිපයකට ඉහත දී විශ්රාම ගොස් තිබූ අතර ඒ වෙනුවෙන් පෝරුවදණ්ඩ ඔහුගේ නිවසේදී මිතුරන් වෙනුවෙන් සාදයක් පවත්වා ඇති බවට පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා එම සාදයට සහභාගි වී රාත්රී වැඩමුරය සඳහා යළි කර්මාන්තශාලාව වෙත පැමිණීමේ දී බියගම සිට කර්මාන්ත ශාලා වෙත ඇඟලුම් රැගෙන පැමිණ එහි ඉදිරිපිට නවතා තිබූ කන්ටේනර් රථයේ පිටුපස දකුණු පස ගැටී බරපතළ තුවාල ලබා අනතුරට ලක්වීමෙන් අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව සදහන්.
මියගිය අයගේ මුහුණ සහ හිසට බරපතළ තුවාල සිදුවී තිබූ බවට රෝහල් ප්රකාශකයෙක් පවසා තිබේ.