දෙදරු පියා සිරුරට ගිනි තබාගෙන.

බණ්ඩාරගම හද්දාගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සිය සිරුරට ගිනි තබාගෙන පසුව ත්‍රිරෝද රථයට ද ගිනි තබා ඇති බව වාර්තා වේ.

අදාළ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබු 54 හැවිරිදි දෙදරු පියා මේ වනවිට හොරණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

අදාළ පුද්ගලයාගේ සිරුර දැඩි ලෙස පිළිස්සී ඇති බවට රෝහල් ප්‍රකාශකයෙකු පවසා තිබේ.

ත්‍රිරෝද රථය ද ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවට පොලීසිය සඳහන් කර තිබේ.

සිද්ධිය වූ ස්ථානයට පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූ බව සදහන්.

බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version