නව විදුලිබල පනත කෙටුම්පත් කිරීම අවසන් අදියරයේ පවතින බවත් , මෙම පනත කෙටුම්පත් කිරීමෙන් අනතුරුව එහි පිටපත් පාර්ශවකරුවන් , සංවර්ධන නිලධාරීන් , සහ ප්‍රතිව්‍යුහගතකරණ විශේෂඥයින් අතට පත් කිරීමට පියවර ගන්නා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කළ බව වාර්තා වේ.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිරීක්ෂණ සහ නිර්දේශ ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් , නව විදුලිබල පනතේ අවසන් කෙටුම්පත මේ මස අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවයා විසින් තැබූ ට්විටර් පණිවිඩයේ සදහන් කර තිබේ.