සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් අදියරයේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තව සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වනු ඇති බවත් , මේ වනවිට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

2022 වසර සඳහා වන සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මස 29 වනදා සිට ජුනි මස 08වනදා දක්වා පැවැත්වුණි.

Exit mobile version