මැතිවරණය පිළිබඳ අවසන් තීන්දුව අද.

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සදහා අද මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බවට වාර්තා වේ.

මැතිවරණය කල් දමන්නේනම් ඒ කොපමණ කාලයකටද යන්නත් මෙය මෑතකදී පවත්වන්නේනම් එය කවදාද යන්න තීරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

පෙරවරු 10ට මෙම රැස්වීම පැවැත්වෙන අතර මේ සදහා මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රමුඛ සාමාජිකයින් සහ සියලු පක්ෂවල ලේකම්වරු හා නියෝජිතයින් සහභාගි වීමට නියමිතය.

Exit mobile version