ශ්‍රී ලංකා යුද හමුදා පශු සම්පත් බලකා කඳවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 ගිනි අවිය එම කඳවුරේ බලලත් නිලධාරියකුගේ බටපොල ප්‍රදේශයේ පිහිටි නිවසින් හමු වූ බව වාර්තා වේ .
යුද හමුදා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය පවසන්නේ සැකකාර හමුදා නිලධාරියා විසින් මෙම ගිනි අවිය සොරාගෙන මෙලෙස නිවසේ ගස් බෙනයක සඟවා තිබියදී සොයා ගත් බවයි .
මෙම නිලධාරියා කඳවුරේ අවි ගබඩාව මුද්‍රා තැබීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ගිනි අවිය සොරාගෙන ඇති බවට යුද හමුදා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයකින් හෙළි වී තිබේ .