කඳවුරේ අතුරුදන් ගිනි අවිය නිවසින් මතුවෙයි.

ශ්‍රී ලංකා යුද හමුදා පශු සම්පත් බලකා කඳවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 ගිනි අවිය එම කඳවුරේ බලලත් නිලධාරියකුගේ බටපොල ප්‍රදේශයේ පිහිටි නිවසින් හමු වූ බව වාර්තා වේ .

යුද හමුදා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය පවසන්නේ සැකකාර හමුදා නිලධාරියා විසින් මෙම ගිනි අවිය සොරාගෙන මෙලෙස නිවසේ ගස් බෙනයක සඟවා තිබියදී සොයා ගත් බවයි .

මෙම නිලධාරියා කඳවුරේ අවි ගබඩාව මුද්‍රා තැබීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ගිනි අවිය සොරාගෙන ඇති බවට යුද හමුදා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයකින් හෙළි වී තිබේ .

Exit mobile version