යාපනය ප්රදේශයේ මසුන් ඇල්ලීම සදහා මුහුදු ගිය පුද්ගලයෙකු මුහුදේදී ක්ලාන්තවී මරණයට පත්ව ඇති බවට යාපනය රෝහල් පොලීසිය සදහන් කර ඇති බව වාර්තා වේ.
ඔහු ඊයේ ( 04) මෙසේ මුහුදේදී ක්ලාන්ත වීම හේතුවෙන් මරණයට පත්ව තිබේ.
යාපනය ගුරුනගර් ප්රදේශයේ පදිංචිකරුවකු වන අමලසුරි අන්රයන්යුත් නැමති 42 හැවිරිදි පස් දරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ .
අදාල පුද්ගලයා ඇතුළු තිදෙනකු මසුන් ඇල්ලීම සදහා මුහුදු ගොස් තිබේ.එහිදී ඔහු හදිසියේ ක්ලාන්තවි ඇති අතර පසුව අනෙක් පිරිස ඔහු රෝහල්ගත කළත් මියගොස් ඇති බවට පොලීසිය පවසයි.