මියන්මාර අත්අඩංගුවේ පසුවන මෙරට ධීවර යාත්‍රාවල නායකයින්ට මියන්මාර අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් පනවා ඇති බව වාර්තා වේ.
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර පැවසුවේ අත්අඩංගුවේ පසුවන සෙසු ධීවරයින් 13 දෙනා සඳහා වසර 3 බැගින්වූ සිරදඬුවම් පැනවූ බවයි.
කෙසේ වෙතත් එම ධීවරයින් පොදු සමාව යටතේ නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන අතර ධීවරයින් පිරිස යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අදාළ පිරිස නොවැම්බර් මාසයේ රයන්පුතා හා ලෝරන්ස් යන ධීවර යාත්‍රා මගින් කල්පිටිය හා මීගමුවෙන් ධීවර කටයුතු සඳහා ගොස් ඇති අතර මියන්මාර මුහුදු සීමා උල්ලංඝණය කර ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් ධීවර යාත්‍රා දෙකත් සමග එලෙස අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකික ධීවරයින් සංඛ්‍යාව 15 කි.