“ගෝඨාභය රාජපක්ෂ අවතාරය තවමත් රටේ රජ කරනවා”-අජන්තා පෙරේරා

2021 මැයි මාසයේ සිදු වූ විශාලතම ප්ලාස්ටික් පැලට් අනතුර වශයෙන් මෙම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හඳුන්වා දිය හැකි අතර මෙම නෞකාව නිමවා මාස තුනකදී ගමන් ගත් පළමු ගමන වූ මෙහි අන්තර්ගතය නීතිවිරෝධී බැවින් ජාත්‍යන්තර නීතින් උල්ලංඝනය කර පැමිණි නෞකාවක් වශයෙන් මෙය හඳුනා ගැනේ.මේ පිළිබඳව පරිසරවේදී අජන්තා පෙරේරා මහත්මිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ පැවති අන්තර්ජාල සාකච්ඡාවේදී කරුණු හෙලිදරව් කරන ලදි.

අජන්තා පෙරේරා මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ ඉන්දියාව,කටාර් වැනි රාජ්‍යන් දෙකකදී ප්‍රතික්ෂේප වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කිසිඳු සොයා බැලීමකින් තොරව ලංකාව බාර ගත් බවත් මෙහි කාන්දුවීමක් තිබෙන බවට නැවි ඒජන්ට් දැනුවත් වූ නමුත් මේ බව හෙළි නොකිරීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වූ බවත්ය.

එමෙන්ම ,සාමාන්‍යය මනුෂයෙකුට පිසූ ආහාරයක් වෙනත් රටකට ගෙන යාමේදීද,රටකින් තවත් රටකට භාණ්ඩ ප්‍රවාහනයේදී ද නිසි ලෙස ඇසුරුම් වී ඇත්දැයි දැඩි අවධානයකට ලක් වන පසුබිමක නයිට්‍රික් අම්ලය මෙට්‍රික් ටොන් 2.5 ක් සහ බිලියන ගණනක ප්ලාස්ටික් පැලට් රැගත් නිසි පරිදි ඇසුරුම් නොවූ නෞකාවක් පැමිණියේ කෙසේද? යන්න ප්‍රශ්න නගයි.

එසේම සිංගප්පූරුවේ නැව් සමාගම ජාත්‍යන්තර නැව් නීතින් උල්ලංඝනය කළ බවද ,ඔවුන්ගෙන් අපට වූ වරදට වන්දියක් ඉල්ලීම අපගේ යුතුකමක් වූ අතර මේ සඳහා අප රටෙහිම නඩුව ස්ථාපනය කිරීමට හැකියාවක් තිබියදී සිංගප්පූරුවලට ගොස් ඔවුන්ට පිංසෙන්ඩු වී දණනමස්කාර කර වන්දි ඉල්ලීමට තරම් අපි ඔවුන්ගේ දෙපා මුල වැටී නොමැති බවද අජන්තා මහත්මිය ප්‍රකාශ කරයි.

2021 මැයි 20 වෙනිදාට කළින් නඩුවක් නොදැම්මොත් මෙම වන්දි මුදල අහිමි වී යන මුත් මේ වනවිටත් ඇත්තේ SCR SCFR 184 යන තමා විසින් දැමූ නඩුව පමණක් බවත් අජන්තා මහත්මිය වැඩි දුරටත් සදහන් කරන ලදී.

තවද , මෙයින් සිඳු වූ පරිසර හානියට ඩොලර් බිලියන 500කට වඩා නියම කළ හැකි අතර තව නොබෝ දිනකින්ම රසායනික ද්‍රව්‍ය එකතු වී මුහුදු පත්ලේ සුප් එකක් සෑදී මේවා නිසා මාළුන් ව්කෘති වී මාළුන් ආහාරයට ගන්නා මිනිසුන්ටද COVID වලට වඩා විශාල වසංගතයක් වැළදීමේ හැකියාවක් ඇති බවත් ඇය ප්‍රකාශ කරයි.

එසේම මෙවන් විනාශයක් සිඳු වී තිබියදී මීපා එකේ කළින් හිටපු දර්ශනී මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් පරිසරයට කිසිඳු හානියක් නොමැති බවට ප්‍රකාශ කළ අතර,
කැස්බෑවො මැරුණා යැයි පැවසූ විට වාරගම් කාලෙ නිසා බවත්,ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වූ මහාචාර්යවරයා ප්ලාස්ටික් පැලටි ටික ගිලලා තමාට කිසි හානියක් නොමැති බවත් ප්‍රකාශ කර තිබේ.

අජන්තා මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ විජයදාස රාජපක්ෂ ඩොලර් මිලියන 250ක් ලන්ඩන් බැංකුවකට බැර කර ඇති බවත් , මෙම මුදල් ගෝඨාභයගේ ඉහළ නිලධාරියෙකුගේ ලන්ඩන් Account එකකට බැර වූ බවට සැක සහිත බවත්, මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බවත් ය.

එසේම කන්න බොන්න නැතුව දුක් විඳින රටක මෙම වන්දි මුදල ලබා ගැනීමට කිසිවෙකුගේ උවමනාවක් නැති බවත් ,මෙම නෞකාව පැමිණීම කුමන්ත්‍රණයක් බවත්,මෙහි භාණ්ඩ ඇසුරුම් කර තිබූ ආකාරයෙන් ඕනෑකමින්ම ගිනි තැබීමට පැමිණි බවත් ,හාබර් මාස්ක්ගේ තනි තීරණයට අනුව මෙම නෞකාව රට තුළට ගත් බවත් චමුදිතගේ ප්‍රශ්නවලට අජන්තා පිළිතුරු වශයෙන් ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම තමා මෙයින් නොනවතින බවත් , අල්ලස් කොමිසමට යාමට මෙන්ම ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳව නැවත එළියට ගෙන මුල සිටම සමීක්ෂණ සිඳු කර ජාත්‍යන්තරයට ගොස් අපගේ මුදල් ටික ලබා ගන්නා බවත් , ගෝඨාභය එක දවසක් හෝ ප්‍රශ්නයක් දැම්මොත් නැවත අරගලයක් සිඳු කර ගෝඨාභය මෙන්ම ඔහු පත්කළ පුද්ගලයාටද ලංකාවේ විසීමට ඉඩ නොදෙන බවත් අජන්තා මහත්මිය අවධාරණය කරයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත විඩියෝව නරඹන්න.

Exit mobile version