ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මලුවල තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන 35 හැවිරිදි අදාල පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තයේදී පරීක්ෂා කිරීමේදී රත්තරන් කම්බි ලෙස සකසා බඩු මලු තුනක සගවා තිබියදී සොයාගත් මෙම රත්තරන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 43ක් බවට රේගුව ප්‍රකාශ කර තිබේ.
ගුවන් තොටුපොළ රේගුව අදාල රත්තරන් තොගය රාජසන්තක කර රුපියල් ලක්ෂ 12ක දඩයක් පනවා අදාල පුද්ගලයා නිදහස් කළ බවද රේගුව සදහන් කර තිබේ.