නව ඇමතිවරු දොළොස් දෙනෙකු පත් කිරීමට රජය තීරණය කර තිබූ අතර ඇමතිවරුන් ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දස දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවක් ජනපති වෙත භාර දී තිබුණි.නමුත් එම ලැයිස්තුවෙන් පත් කෙරුණේ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පමණි.
රට මුහුණ දී ඇති ආර්ථික තත්ත්වය හේතුවෙන් සහ මුදල් ප්රශ්නය හේතුවෙන් නව ඇමතිවරුන් පත් කිරීම මේ අවස්ථාවේ සුදුසු නොවන බව ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දී ඇති බව වාර්තා වේ.
එම නිසා නව ඇමතිවරුන් පත් කිරීමේ කටයුත්ත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබීමෙන් අනතුරුව සිදු කරන බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.