අයවැය වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත අද දිනයේදීම විවාදයට ගන්නේද නැද්ද පිළිබඳව හදිසි ඡන්දයක් විමසීමෙන් ආණ්ඩු පාර්ශවය ජයග්රහණය කළ බව වාර්තා වේ.
යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් ද විපක්ෂව ඡන්ද 42 ක්ද ලැබුණු අතර වැඩි ඡන්ද 51කින් යෝජනාව සම්මත වූ බව සදහන්.
ඒ අනුව අයවැය වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත පිළිබඳ විවාදය පවත්වා අද දිනයේදීම එය සම්මත කරගැනීමට නියමිත බව වාර්තා වේ.